රුපියල් මිලියන 5000 ක් වැය කරමින් ඩීසල් විදුලි උත්පාදන යන්ත්‍ර ගෙන්වා එය පෞද්ගලික අංශයට ලබාදී පෞද්ගලික අංශයෙන් රු.40 බැගින් විදුලි ඒකකයක් මිලදී ගැනීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සූදානම් වන බව දූෂණ විරෝධී පෙරමුණ පවසයි. අද (8 දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම පෙරමුණ මේ බව අණාවරණය කළේය.
රජයට විදුලි ඒකකයක් රුපියල් රු 10ක මුදලකට නිපදවීමේ හැකියාව තිබෙන බවත් විදුලි බල අමාත්‍යාංශයේ සිදුකිරීමට නියමිත මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් රජයට විශාල පාඩුවක් වන බව දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා එහිදී පවසා සිටියේය.