විදුලිබල අමාත්‍යාංශය මගින් මේ වසරට අදාළව නැවත වරක් දූෂිත අන්දමින් ගල් අඟුරු ආනයනය කිරීමට සැරසෙන බව දූෂණ විරෝධී පෙරමුණ සඳහන් කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ ගල් අඟුරු මෙ.ටො 1 සඳහා ඇමෙරිකානු ඩොලර් 10ක වැඩි ගෙවීමකින් ආනයනයට පියවර ගෙන ඇති බවයි. ඒ අනුව මේ ගනුදෙනුව හරහා මෙ.ටො. 60,000 – 64,000 ආනයනය කිරීමට සැලසුම් කර ඇත.
පසුගිය වසරේද මෙවන් ගනුදෙනුවක් තුළින් ලංකාවට අහිමී වූ මුදල රුපියල් මිලියන 4,145,43 ක් බව එම සංවිධානය පවසයි.