පාර්ලිමේන්තු සභා ගර්භයට විදුලි පන්දමක් ගෙන එමින් එය පාර්ලිමේන්තුවේදී දැල්වීමට සන්ධාන මන්ත්රී සිසිර ජයකොඩි මහතා ඊයේ (23දා) කටයුතු කළා.
කතානායක කරු ජයසූරිය මහතා අද (24දා) ඔහුව කතානායක කාර්යාලයට කැඳවා අවවාද කළ බවයි වා්තා වෙන්නේ.
පසුව ඒ පිළිබඳව මන්ත්රීවරයා කනගාටුව ප්රකාශ කර ඇති අතරම යළිත් එවැනි සිදුවීමක් සිදු නොවන බවයි ඔහු පවසා ඇත්තේ.