ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) හා ලංකා විදුලි පෞද්ගලික සමාගම (ලෙකො) මගින් විදුලි පාරිභෝගිකයන්ගෙන් ලබාගන්නා ආරක්ෂිත තැන්පතු සඳහා පොලී ගෙවීමේ ක්රමවේදය ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිර්දේශ කර තිබේ.
2009 අංක 20 දරන ශ්රී ලංකා විදුලිබල පනතේ 28 වැනි වගන්තියට අනුව විදුලි පාරිභෝගිකයන්ට හිමිවන වරප්රසාදයක් ක්රියාවට නැගීමට මෙම නිර්දේශය සකසා තිබේ. එම වගන්තියට අනුව පාරිභෝගික ආරක්ෂිත තැන්පතු සඳහා ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කරන පොලී අනුපාතිකයක් යටතේ විදුලිබල සේවා සැපයුම් ආයතන (ලංවිම හා ලෙකො) මගින් පාරිභෝගිකයන්ගෙන් ලබාගන්නා ආරක්ෂිත තැන්පතුවලට පොලී ගෙවිය යුතුය.
ඒ අනුව මේ වසර සඳහා ගෙවිය යුතු වාර්ෂික පොලිය 8.93ක් බවට ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර ඇති අතර, එය මාසික පදනම් මත ගණනය කරන විට 0.715ක ප්රතිශතයකි.
විදුලි පාරිභෝගිකයන්ගේ ආරක්ෂිත තැන්පතු සඳහා පොලී ගෙවීම පැහැර හැරීම ශ්රී ලංකා විදුලිබල පනතෙහි අදාළ වගන්තිය උල්ලංඝනය කිරීමක් බව ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පෙන්වා දෙයි.