විද්‍යානුකූල ලෙස ඇමති සංශෝධනයක් ඉදිරියේදී
ජනපතිගේ ඉන්දියානු හා ජපන් සංචාරය අවසන් වූවායින් පසු විද්‍යානුකූල ලෙස අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවත්, ඉදිරියේදී සමාජ ජාලා වෙබ් අඩවි සඳහා බරපතළ තීන්දුවක් ගන්නා බවත් ධීවර අමාත්‍ය හා මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටී.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් සංවිධානය කොට තිබූ මොරගහකන්ද ජලාශයට අනුබද්ධ ඉහළ ඇළ හැර ඇළ ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට අද (11දා) දහවලේදී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඔළු ගෙඩි පමණක් මාරු කිරීමෙන් අමාත්‍ය මණ්ඩල මාරුව සිදු නොකොට විද්‍යානුකූල පදනමක් මත ඇමති මාරුව සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇතැයිද හෙතෙම එහිදී සඳහන් කෙළේය.
රජය විසින් ක්‍රියාත්මක කර ඇති සමාජ ජාලා වෙබ් අඩවි තාවකාලිකව අවහිර කිරීම පිළිබඳව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා කියා සිටියේ බොහෝ දුරට පාර්ශ්ව දෙකකින් ඉල්ලීම් පවතින බවත්, එක් පාර්ශ්වයක් සම්පූර්ණයෙන්ම මෙම සමාජ වෙබ් අඩවි තහනම් කරන ලෙසත් අනෙක් පාර්ශවය පාලනයක් කරන ලෙසත් ඉල්ලා ඇති බවත්ය.
සමාජ ජාලා වෙබ් අඩවි චීන රටේ තහනම් කොට ඇති බවද පෙන්වා දුන් ඒ මහතා, ලංකාව තුළ බොහෝ දුරට නීති පැනවීමට හැකිවන පරිදි සමාජ ජාලා වෙබ් අඩවි ඉදිරියට ක්‍රියාත්මක කිරීම සිදුවන බවද අවධාරණය කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


