යාපනයේ කහිට්ස් පුංකුඩුතිව් ප්‍රදේශයේදී විද්‍යා සිවනෝගනාදන් සිසුවිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකරුවන ස්විස් කුමාර් නැමැත්තාට කොළඹට පැන පැනයාමට අනුබල දීම යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ වැඩ තහනම් කිරීමට ඊයේ (20දා) පොලිස් කොමිසම අනුමැතිය හිමිව තිබේ.
චෝදනා ලැබ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ වැඩ තහනම් කිරීම සඳහා පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසම වෙත යොමු කරන ලද ලිපියකට අනුව කොමිසම විසින් එයට අනුමැතිය දී තිබේ.
ඒ අනුව අද (21දා) ලලිත් ජයසිංහ මහතාගේ වැඩ තහනම් කිරීමට නියමිතය.