අනුරාධපුර, විජිතපුර පුරාවිද්‍යාත්මක ස්ථාන විනාශ වීමේ සිද්ධිය සම්බන්ධයෙන්ඍජුවම වගකිවයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අනුරාධපුර කළමනාකරු,ඉංජිනේරු ඇතුළු 04 දෙනෙකුගේ වැඩ තහනම් කොට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කොටඇතැයිජාතිකනිවාසසංවර්ධන අධිකාරියේ සභාපති, ලක්විජය සාගර පලන්සූරිය මහතා කියා සිටියේය.
සභාපතිවරයා මේ බව කියා සිටියේ පෙරේදා (13දා) ජාතික නිවාසසංවර්ධන අධිකාරිය යටතේ වවුනියාවේ කැලෑබෝගස්වැව ප්‍රදේශයේ ක්‍රියාත්මක වන නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ සභාපති සාගර පලන්සූරිය මහතා,
“‘විජිතපුර ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථාන වෙතට යන්ත්රසූත්ර යෙදවීම් ඇතුළු සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් අපට පූර්ණ පරීක්ෂණයක් කරන්නට උපදෙස් දුන්නා. ඒ අනුව අපි ඒ ප්‍රදේශයට ගිය විට දැකගන්නට ලැබුණේ අප විසින් ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘතියට අදාළ වන ඉඩම්වලින් බැහැරව වෙනත් ප්‍රදේශයකට අනවසරයෙන් යන්ත්‍ර සූත්‍ර යොදාගෙන ඇතුළු වී මේ අනවසර කටයුත්ත සිදු කර ඇති බවයි.
ඒ මොහොතේම අපි ඒ ව්‍යාපෘතිය භාරව සිටි සියලුම නිලධාරීන්ගේ වැඩ තහනමට ලක්කළා. ඒ වගේම අපේ අතින් සිදුවූ අත්වැරැද්දේ වගකීම අපි බාරගන්නවා.ඒක ලොකු වරදක්. අපි දන්නවා ඒ වරද නිවැරදි කිරීම පහසුනෑ කියලා.
මේ සිදුවීම සම්බන්ධයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පරීක්ෂණයක් කරනවා. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය තවත් පරීක්ෂණයක් කරනවා. ඊට අමතරව ස්වාධීන මණ්ඩලයක් පත් කරල තියෙනවා මේ ගැන වෙනම පරීක්ෂණයක් කරන්න.
මේ අනුව මේ සිදුවීමේදී වරදකරුවන්ට කිසිදු තරාතිරමක් නොබලා දඬුවම් කරන්න කියලා අපට අමාත්‍යතුමාගෙනුත් උපදෙස් ලැබිලා තියනවා.මේ පරීක්ෂණවල වාර්තා මේ වනවිට අපට දිනපතා ලැබෙමින් පවතිනවා* යනුවෙන් කියා සිටියේය.