මහජනතාව නොමග යවන අයුරින් අසත්‍ය ප්‍රකාශ කිරිමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් ජ්‍යෝතීර්වේදී විජිත රෝහණ විජේමුණි මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා නියෝග කළේය.
ඔහු රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත හා රුපයල් දස දහසක ශරීර ඇපයක් මත මුදා මරිනු ලැබීය. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආයු කාලය පළිබඳව ජනතාව නොමග යවන සුළු ප්‍රකාශයක් කිරීමේ චෝදනා යටතේ ඔහු ඊයේ (31දා) රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.