විගණන පනත නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට
විගණන පනත නොබෝ දිනකින්ම පාර්ලිමේන්තුව වෙත ගෙනවිත් රාජ්‍ය මූල්‍ය භාවිතය පිළිබදව පාර්ලිමේන්තුව සතු බලය ශක්තිමත් කරන බවත් ඒ හරහා රජයේ විගණන නිලධාරීන්ට කශේරුකාවක් සහිතව රට වෙනුවෙන් වැඩ කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන බවත් කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.
රජයේ මූල්‍ය කලමනාකරණය ජනතාවට ප්‍රශ්න කළ හැකි වීම ප්රජාතන්ත්රවාදයේ උත්තරීතර ලක්ෂණයක් බවත් කථානායකවරයා පැවසූයේ අද(06) දින කොළඹ නව නගර ශාලාවේ පැවැති ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ වාර්ෂික සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.
රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති බස්නාහිර හා මහනගර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පොදු ව්‍යාපාර පිලිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, විගණකාධිපති ගාමිනි විජේසිංහ යන මහත්වරුන්ගේ ද විශේෂ සහභාගීත්වයෙන් පැවැති සමුළුව අමතමින් කථානායකවරයා පෙන්වා දුන්නේ ගිණුම් කාරක සභා ක්‍රියාවලිය මෙන්ම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කටයුතුද සාර්ථක වීමට විගණන නිලධාරීන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය අනිවාර්යය අංගයක් වන බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
