වාහන කුලියට දෙන ස්ථානයකින් වෑන් රථයක් ගෙන්වා ගෙන එය කොල්ල කෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු එම වෑන් රථය ද සමග ඊයේ (03දා) මාවනැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. ගුවන් තොටුපළට යාමට බව පවසමින් ඔවුන් මෙම වෑන් රථය රියදුරු මුලා කර ගෙන්වා ගෙන පසුව කොල්ල කා තිබුණේ කඩුගන්නාව ප්රදේශයේදී බවටයි වාර්තා වන්නේ.