දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (06දා) සඳහන් කරයි.
ඒ අනුව රත්නපුර,කෑගල්ල,මහනුවර,ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී.100 තද වැසි ඇති විය හැකි අතර, නුවරඑළිය,මාතර හා කොළඹ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ක් පමණ වූ තරමක් තද වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් උතුරු මැද, මධ්‍යම සහ දකුණු පළාත්වලත් මඩකලපුව දිස්ත්‍රික්යේත්,බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍ර දේශවලත් සුළඟේ වේගය වර්ධනය වීමේ හැකියාවක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව පුත්තලම සිට කොළඹ හා ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී.60 - 70 දක්වා වර්ධනය විය හැකි අතර ඒ හෙයින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකිය.
තවද මඩකලපුව සිට ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී. 50දක්වා වැඩි විය හැකි හෙයින් එම ප්‍රදේශවල මුහුද තරමක් රළු විය හැකි නිසා මේ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙස එම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.