දඹුල්ල, මාතලේ, පල්ලෙපොල, ගලේවෙල, ලග්ගල ආදී ප්රදේශවලට මාසයකට අධික කාලයක් තිස්සේ දිගින් දිගටම ඇදහැලෙන වර්ෂාව නිසා එදිනෙදා දෛනික කුලී රැකියාවලින් ජීවත් වූ පවුල් රැසක් උග්ර ආහාර අර්බුදයකට මුහුණපා සිටිති.
ඔවුන් කියා සිටින්නේ ගංවතුරට හසුවී සිටින පිරිස පිළිබඳව පමණක් බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙන බවත්, එහෙත් අඩුම තරමේ තම දරුවන්ටද එක වේලක් හෝ ආහාර ලබාදෙන්නේ නම් එයින් තම පවුල් රැකගත හැකි බවත්ය.