වැස්ස නිසා රාත්‍රියට ශ්‍රී පාදය සංචාරය තහනම්
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දින වල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විදේශික සංචාරකයන්ට රාත්‍රී කාලයේදී අවාරයේ ශ්‍රී පාදය සංචාරය කිරීමඅද (24දා) සිට තාවකාලිකව තහනම් කළ බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ වනසත්ත්ව අඩවි ආරක්ෂක ඒ.ආර්.පි.ඒ. කරුණාතිලක මහතා පැවසීය.
ශ්‍රීපාද අවාරයේ හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය සංචාරය කිරීමට දිනකට විශාල විදේශීය සංචාරකයන් පිරිසක් පැමිණෙන බවත්, ඉන් වැඩි පිරිසක් රාත්‍රී කාලයේ සංචාරය කිරීමට උනන්දු වන්නේ අලුයම් කාලයේ ඉර සේවය නැරඹීමේ අදහසින් බවත් සත්ත්ව ආරක්ෂක නිලධාරියා කියා සිටියේය.
සංචාරකයන්ගේ ආරක්ෂාව උදෙසා ගත් මෙම පියවර අනුව ඕනෑම සංචාරකයෙකුට නල්ලතන්නිය පොලීසිය දැනුවත් කර දිවා කාලයේ ශ්‍රී පාදය සංචාරය කිරීමට හැකි බවත්, එසේ සංචාරය කරන්නන් එදිනම පස්වරු 6 වන විට නල්ලතන්නිය වෙත පැමිණිය යුතු බවත්, මේ සම්බන්ධයෙන් තම කාර්යාලයේ නිලධාරීන් අධීක්ෂණයක් සිදු කරන බවත්,වනසත්ත්ව අඩවි ආරක්ෂකවරයා කියා සිටියේය.
පවතින අධික වර්ෂාවත් සමග නල්ලත්නිය සිට ශ්‍රී පාද උඩමළුව දක්වා දැඩි අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින නිසාවෙන් සංචාරකයන්ගේ ආරක්ෂාව උදෙසා මෙම ආරක්ෂිත වැඩපිළිවෙළ දියත් කර ඇතැයි සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


