පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඩෙංගු උවදුර නැවතත් පැතිරීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, පුත්තලම, රත්නපුර, කෑගල්ල, යාපනය මහනුවර, මඩකලපුව, මාතලේ යන දිස්ත්‍රික්ක තවදුරටත් අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි.
මෙම තත්ත්වය තවදුරටත් පැතිරයෑම වැළැක්වීම සඳහා මෙම මස 09 හා 10 යන දෙදින ඒකාබද්ධ ඩෙංගු මර්දන වැඩසටහනක් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව සියලුම රාජ්‍ය ආයතන පරිශ්‍ර, පාසල් හා ආගමික ස්ථාන, නව ඉදිකිරීම් ස්ථාන ඇතුළු ඩෙංගු රෝගීන් බෝවීම වැළැක්වීම සඳහා මදුරු කීටයන් බෝවන ස්ථාන හඳුනාගෙන පිරිසුදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.