දිවයිනේ බොහෝ පළාත්වලට තවදුරටත් වැසි රහිත වියළි කාලගුණයක් අපෙක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම උදෑසන හා රාත්‍රී කාලයේ තවදුරටත් ශීත කාලගුණයක් අපෙක්ෂා කළ හැකි බව පෙන්වා දෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හෙට හිමිදිරි පාන්දර නුවර එළියට මල් තුහින අපෙක්ෂා කළ හැකි බවත් පවසයි.
බස්නාහිර, සබරගමුව, දකුණු හා මධ්‍යම පළාත්වල ඓට දිනයේ ඝන මීදුම් සහිත තත්ත්වයක් අපෙක්ෂා කළ හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.