මධ්‍යම කඳුකරයේ මේ දිනවල පවතින දැඩි වියළි කාළගුණයත් සමග ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන්, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර, ඉහළ කොත්මලේ සහ පහළ කොත්මලේ ජල විදුලි බලාගාර වලට ජලය සපයන කාසල්රි, මාවුස්සාකැලේ හා කොත්මලේ ජලාශ වල ජල මටිටම 35% දක්වා පහළ බැස තිබේ.
වියළි කාළගුණයත් සමග සුන්දර ඩොවෝන් දියඇල්ලේ සහ සෙන්ට් ක්ලෙයාර් දියඇල්ලේද ගලා හැලෙන ජල ධාරිතාව අඩුවිම නිසා එහි සුන්දරත්වයද අඩුව තිබෙ.
වියළි කාළගුණය අවසන් වන තෙක් බෙදා හරින ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සමිපාදන මණ්ඩලය ජල පරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.