දිවයිනට බලපා තිබූ වැසි සහිත කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහළ යන බවත් හෙට දිවයිනේ බොහෝ ප්‍රදේශ සඳහා වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපෙක්ෂා කළ හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම හෙට දිනයේදී දිවයිනේ උතුරු අර්ධගෝලයේ උදෑසන හා රාත්‍රී කාලයේදී සීතල කාලගුණයක් අපෙක්ෂා කළ හැකි බවත් එය දින කිහිපයක් පවතින් අැති බවත් අද (31දා) මධ්‍යාහ්න 12.00ට නිකුත් කළ නිවේදනයේ වෙයි.
කෙසේ වෙතත් හෙට දිනයේදි දකුණු පළාතේ ස්ථාන කිහිපයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වල උදෑසන කාලයේදි මිහිඳුම් තත්ත්වයක් බලාපොරොත්තුවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.