දිවයිනට බලපා අැති වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එසේම රාත්‍රී කාලයට හා උදෑසනට පවතින ශීත කාලගුණය තවතදුරටත් පවතින බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මධ්‍යම කඳුකරයට විටින් විට තද සුළඟක් බලාපොරොත්තුවිය හැකි බවත් නුවර එළියට මල් තුහින තත්ත්වයක් බලාපොරොත්තුවිය හැකි බවත් එම නිවේදනයේ තවදුරටත් දැක්වෙයි.