www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
රජරට ඇතුළු දිවයිනේ ප්‍ර‘දේශ රැසකට බලපා ඇති නියඟය දුරුවී වැසි ප්‍රාර්ථනා කරමින් ආදිවාසීන් පිරිසක් පෙරේදා (01දා) රාත්‍රී දිඹුලාගල ආරණ්‍ය සේනාසන භූමියේදී විශේෂ දේවකන්නලව්වක් පැවැත්වූහ.
දිඹුලාගල, දළුකාන සහ පොල්ලේබැද්ද ආදිවාසී ගම්මානවල ආදිවාසීන් විසින් සිදුකළ මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සහභාගි වී සිටියේය.
පැය තුනකට ආසන්න කාලයක් පැවැති මෙම දේවකන්නලව්වට දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති මෙම වැඩසටහනට ආදිවාසීහු 30කට ආසන්න පිරිසක් එක්ව සිටියහ.
පාලිත තෙවරප්පෙරුම මහතා මෙහිදී බෙර ගැසීම සියලුදෙනාගේ අවධානයට ලක් වූහ. කිරිකොරහා නැටීම, කන්දේ දෙවියන් යැදීම, ගිනි පූජා සිදුකිරීම ඇතුළු වැසි ප්‍රාර්ථනා කිරීම, ලෙඩ දුක් සුවවීම, ගම් ආරක්ෂා කිරීම හා නියඟය දුරුවීම සඳහා ආදිවාසීන් විසින් මෙහිදී විශේෂ දේව පූජාවන් රැසක්ම සිදු කරනු ලැබීය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd