දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දිනවලදී අඩුවේයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඉදිරිපැය 36 සඳහා කාලගුණ විද්‍යා අනාවැකිය සඳහන් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කරයි.
ඉදරි පැය 36 තුළදී සබරගමුව පළාතේ හා කළුතර ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවෙන බවත් ඌව පළාතේ සවස 2.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.
දිවයිනේ උතුරු අර්ධයේ හා දකුණු පළාත් වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන තරමක් තද සුළං අපේක්ෂා කරන බවත් බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේ මිහිදුම් තත්ත්වයක් අපෙක්ෂා කළ හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.