තිසර සමල් - එප්පාවල
පසුගිය මාස කිහිපය පුරාම අනුරාධපුර දිස්ත්රික්කයට වර්ෂාව නොලැබීම නිසා අනුරාධපුර දිස්ත්රික්කයේ කුඩා වැව් රැසක් සිඳී ගොස් ඇති අතර, එම වැව්වලින් ජලය ලබාගෙන ගොවිතැන් කටයුතු, ධීවර කටයුතු සිදුකරන ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති.මේ වන විට අනුරාධුපර දිස්ත්රික්කයේ වැව් රැසක් ජලය සුළු ප්රමාණයක් පමණක් ගබඩා වී ඇත. පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් ඇතැම් සතුන් වැව්වල රැඳී ඇති ජලයේ බැස සිටින අයුරුද දැකගත හැකිය. එමෙන්ම ඇතැම් ප්රදේශවල වනසතුන්ට බීමට පවා ජලය නොමැති බවද වාර්තා වෙයි.