වැලිගම, මිදිගම ප්‍රදේශයේ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ අත්පත්‍රිකා බෙදිමින් සිටි ආධාරකරුවන් පිරිසකට එල්ල වූ මැර ප්‍රහාරයක් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම ගිය වැලිගම පොලීසියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.
එම පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට හා පොලිස් කොස්තාපල්වරයෙකුට මෙම මැර ප්‍රහාරය එල්ල වී තිබේ. කඩුවලින් හා මාලු කපන පිහිවලින් ඔවුන්ට පහරදී තිබේ.
පොලිස් කොස්තාපල්වරයාගේ අතක් වෙන්ව යාමට ආසන්න වන තෙක් කැපී තිබේ. ඔහු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි. උප පොලිස් පරීක්ෂකවරයා මාතර මහ රෝහලට ඇතුළත් කොට තිබේ.
මාතර සෙව්වන්දි/ එන්.කේ. ඉන්ද්‍රවංශ