වැලි, කළුගල්, බොරළු මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන නිසා විධිමත් ක්‍රම‘වේදයක් යටතේ එම භාණ්ඩවලට පාලන මිලක් ඇතිකළයුතු බව සමස්ත ලංකා ඛනිජ සම්පත් ව්‍යවසායකයන්ගේ සංගමය සඳහන් කරයි.
ශීඝ්‍රයෙන් සංවර්ධන කටයුතු සිදුවීම නිසා මෙම ද්‍රව්‍යවලට වැඩි ඉල්ලුමක් ඇති වී තිබෙන බවත්, මේ නිසා අතරමැදියන් මෙම ද්‍රව්‍යවල මිල විශාල ලෙස ඉහළ දමා තිබෙන බවත් එම සංගමයේ සභාපති ජයරත්න හෙන්නායක මහතා අද (29දා) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කළේය.