රට තුළ සිදුකරන වැලි, කළුගල් පස් හා අනවසර කැණීම්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.
ජාවාරම් ක්‍රියා නවතා දැමීම සඳහා ජනතා සහයෝගය අවශ්‍ය බවත්, මේ අනුව ජනතාවට තොරතුරු ලබාදීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක කෙටි දුරකථන අංකයක් ක්‍රියාත්මක කරන බවද එම කාර්යාංශයේ සභාපති නීතිඥ නිමල් බෝපගේ මහතා සඳහන් කළේය.
මේ අනුව 1921 දුරකථන අංකය හරහා අදාළ තොරතුරු ලබාදීමට හැකියාව තිබෙන බවත්, ලැබෙන තොරතුරුවලට අනුව වැටලීම් සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද පවසා සිටියේය.
පස් වැලි, කළුගල් හා මැටි ආශ්‍රිතව ජාවාරම් සිදුවන බවට දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් තිබෙන බවත්, මේ නිසා ජාවාරම් ක්‍රියා නවතා දැමීමට අවශ්‍ය කටයුතු කරන බවද අද (02දා) හෙතෙම සඳහන් කළේය.