හෙරොයින් ජාවාරමකට සම්බන්ධ බවට සැකකරමින් අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය හිටපු පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර මුණසිහ මහතා 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව අතිරේක මහේස්ත්රාත් නිරෝෂා ප්රනාන්දු මහත්මිය අද(07 දා) නියෝග කළාය
හෙරොයින් ග්රෑම් 42 ක් ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට පත්වූ ස්ථානාධිපතිවරයා දින හතක රුඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය විසින් රඳවාගෙන ප්රශ්න කරනු ලැබිණි. ස්ථානාධිපතිවරයාගේ බිරිඳද රුඳවුම් නියෝග යටතේ සිටින්නීය.