බියගම, මාබිම හන්දියේදී ත්රිරෝද රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්රිරෝද රථයේ ගමන් කළ කුඩා දරුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයයට පත්ව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී ත්රිරෝද රථයේ පුද්ගලයන් හත් දෙනෙනකු ගමන් කර ඇත. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 2 මාස 4 ක් වන කහවත්ත පදිංචි කුඩා පිරිමි දරුවෙක් හා පල්ලෙබැද්ද පදිංචි අවුරුදු 1 මාස 3ක් වයසැති කුඩා ගැහැණු දරුවෙකි.
තුවාලකරුවන් වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. ත්රිරෝද රථයක ගමන් කිරීමට නීතියෙන් අවසරය ඇත්තේ රියදුරු ඇතුළු සිව් දෙනෙකුට පමණි.