රජයේ සහතික මිලට සිමෙන්ති අලෙවි කරන ලෙස ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කර තිබියදීත්, එම මිලට සිමෙන්ති ලබා නොදෙන බවට පැමිණිලි ලැබී තිබෙන නිසා වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳව සොයා බැලීමට අද (03දා) සිට විශේෂ මෙහෙයුම් දියත්කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
2015 මාර්තු 31 වැනි දින ප්‍රකාශයට පත්කර තිබෙනා චක්‍රලේඛයට අනුව කිලෝග්‍රෑම් 50 ක් බරැති සිමෙන්ති කොට්ටයක් රුපියල් 870කට අලෙවි කළයුතු බවද එම අධිකාරියේ මාධ්‍ය අංශය සඳහන් කරයි.
මේ නිසා වැඩි මිලට සිමෙන්ති අලෙවිකරන, වෙළෙඳාම් කිරීමට ඉදිරිපත් කර තිබෙනා සහ වෙළෙඳාම් කිරීමට ප්‍රදර්ශනය කර තිබෙනා සියලුම ස්ථානවලට එරෙහිව පාරිභෝගික පනත යටතේ කටයුතු කරන බවද පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.