වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි කරන නිලධාරීන් 08 දෙනෙකු මේ සතිය තුළදී ස්ථිර කිරීමට නියමිතය.
රාජකාරි අවශ්‍යතා මත මෙම නිලධාරීන් වැඩ බලන තනතුරට පත් කර තිබූ අතර, පසුව සිදුකළ සම්මුඛ පරීක්ෂණයකදී අදාළ නිලධාරීන් ස්ථිර තනතුරට පත්වීමට සුදුසුකම් ලබා තිබෙන බවට තහවුරු වී ඇත.
මේ අනුව මෙම 08 දෙනා මේ සතිය තුළ තනතුරේ ස්ථිර කිරීමට නියමිතය.