රාජ්‍ය අමාත්‍යවරුන් වෙත නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කර දීම තවදුරටත් ප්‍රමාද වන්නේනම් අමාත්‍යවරුන් ලෙස කටයුතු කිරීම එතරම් ඵලදායී නොවන බව නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ නව ආණ්ඩුව බලයට පත් වී වසරකට වැඩි කාලයක් ඉක්මගොස් ඇතත් රාජ්‍ය අමාත්‍යවරුන් පත්වී සිටින අපහසුතාව දුරු කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් දියත් වී නොමැති බවයි.
මේ ගැටළුව විසඳීමට අදාලව ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා වෙත අවස්ථා කිහිපයකදීම යෝජනා ඉදිරිපත් කර ඇති බවත් පැවසූ පාලිත රංගේබණ්ඩාර අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නව වසරේදීවත් රාජ්‍ය අමාත්‍යවරුන්ට ජනතාව වෙනුවෙන් යමක් කළ හැකි වාතාවරණයක් උදාකර දීමට පියවර ගනු ඇති බවට විශ්වාස කරන බවයි.