වැඩ කරලා විවාදයට එන්න මංගලට නාමල්ගෙන් පිළිතුරක්
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට මහින්ද රාජපක්ෂ මහතා සමග විවාදයකට එක්වීමට පොරාතුව වැඩ කර පෙන්නවන ලෙසත් මහින්ද රාජපක්ෂ මහතාට මංගල සමරවීර මහතා සමග විවාද කර කර සිටීමට කාලයක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
රාජ්‍ය ණය සම්බන්ධයෙන් විවාදයකට පැමිණෙන ලෙසට මංගල සමරවීර කළ ආරාධනාව පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව 'අද'ට පැවැසීය.
"මහින්ද රාජපක්ෂ මහතාට මංගල සමරවීර මහතාත් සමග විවාද කර කර සිටීමට කාලයක් නෑ. මහින්ද රාජපක්ෂ මහතා තවමත් ජනතාවට සේවය කරමින් ඉන්නේ. මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියාවෙන් වැඩ කර පෙන්වූ නායකයෙක්. මේ ආණ්ඩුවේ කයිවාරු ගහ ගහ වසර තුන හමාරක් ගෙවා දැම්මත් කරපු වැඩක් පෙන්න නෑ.
විවාද කිරීමට කලින් වැඩ කර පෙන්වන්න. වැඩක් නොකර විවාදවලට එන්න කීම විහිලුවක්. දකුණු පළාතේ මේ වන විට ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ගංවතුරෙන් ජනතාවට පීඩාවට පත්වෙලා ඉන්නෙ. දකුණු පළාතේ පැතිර යන වෛරස් උණකින් ළමයින් ජීවිතක්ෂයට පත්වෙන විට ඒ වෙනුවෙන්වත් පැහැදිලි වැඩ සටහනක් ඉදිරිපත් කිරීමට බැරි ආණ්ඩුවක් මේ තියෙන්නේ.
පාතාලය හිස ඔසවා තිබෙනවා. දරුවන් අතර මත්ද්‍රව්‍ය භාවිත ඉහළ ගොස් තිබෙනවා කයිවාරු නොකර අඩුම තරමේ මේ ප්‍රශ්න ටිකවත් විසඳන්න. සංවර්ධනය කියන්නේ මේ ආණ්ඩුවට හීනයක්"
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

