වැට් බදු ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් නිට්ටඹුව හා කිරිබත්ගොඩ නගරයේ කඩ සාප්පු, වෙළදසැල් අද (29දා) උදෑසන වරුවේදී වසා දමා විරෝධතාවක නිරත වී තිබේ. මධ්‍යාහ්න 12.00 දක්වා මෙම විරෝධතාව පැවැත්වීමට නියමිතය.
දිවයින පුරා විවිධ නගරවල වැට් බද්දට විරෝධය දක්වමින් කඩ සාප්පු හා වෙළදසැල් වසා දැමීම පසුගිය දින කිහිපයේදීම අඛණ්ඩව සිදුවිය.
වරකාපොල රංගන රුවන්/ක්‍රිෂාන් රණසිංහ