වැට් බද්ද හා ජාතිය ගොඩනැගීමේ බද්ද වැඩිකිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය හේතුවෙන් රජයේ ආදායමට සෘණාත්මක බලපෑමක් ඇති නොවන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේම එකතු කළ අගය මත (සංශෝධන) බද්ද පිළිබද පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් එය පළමු වර කියවීම පසුගිය 08 දා සිදුවූ බවත් දෙවැනි වර කියැවීම එළැඹෙන 23 දා සිදුවෙනු ඇති බවත් එම නිවේදනයේ දැක්වෙයි.
පැහැදිලි බහුතරයක් සහිත ජාතික ආණ්ඩුව වැට් සම්බන්ධ ක්‍රියාවලිය නීතිගත කිරීම මේ මස අවසන් වීමට පෙර සිදුකරනු ඇති බවත් ඉන් පසුව මැයි 2දා සිට සංශෝධිත අනුපාත ක්‍රියාත්මක වෙනු ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් වෙයි.