(UPDATE)
2018 වසර සඳහා රුපියල් බිලියන 675ක අයවැය හිඟයක් සහිතව 2018 වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවට ඊයේ (09දා) ඉදිරිපත් කළේය.
'නීල හරිත අයවැය : එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා' යන තේමාව යටතේ එම අයවැය ඉදිරිපත්කෙරිණි.
2018 සමස්ත ආදායම රුපියල් බිලියන 2,326ක් ලෙස ඇස්තමේන්තු ගත කර ඇති අතර, එහි සමස්ත වියදම රුපියල් බිලියන 3001ක් බවට ඇස්තමේන්තුගත කර තිබේ.
ඒ අනුව සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 675ක් වන අතර, එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.8% කි. 2017 වසර සඳහා ඉදිරිපත් කළ අයවැයේ හිඟය රුපියල් බිලියන 680ක් විය.එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.2%ක් විය. රාජ්‍ය ආදයමෙන් රුපියල් බිලියන 2034ක්ම ආණ්ඩුව ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ බදු හරහාය.
2018 සඳහා වන ආදායම් යෝජනාවලදී රජය වැඩිම බදු ආදායමක් ලබාගැනීමට අපේක්ෂා කරන්නේ මෝටර් රථ නිෂ්පාදන බදු, සුඛෝපභෝගී වාහන සඳහා වන බදු සශෝධන, එකතු කළ අගය මත බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු හරහා රුපියල් මිලියන 25,000 බැගින් බදු අය කරමිනි.
ණය ආපසු ගෙවීමේ බද්ද රුපියල් මිලියන 20,000ක් සහ මද්‍යසාර සඳහා වන බදු සංශෝධන හරහා රුපියල් මිලියන 10000ක් උපයාගැනීමටද රජය අපේක්ෂා කරයි.
මෙය යහපාලන ආණ්ඩුවේ තෙවැනි අයවැය වන අතර, සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ 72 වැනි අයවැයයි. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මංගල අයවැයද මෙය වෙයි.
අයවැය යෝජනා යටතේ විද්‍යුත් වාහන සඳහා රුපියල් ලක්ෂ 10ක බදු සහනයක් ලබාදී ඇති අතර,එන්ජින් ධාරිතාව 2500ට වැඩි සුඛෝපභෝගී වාහන සඳහා විශේෂ බද්දක් අයකෙරේ. ඒ හරහා එවැනි වාහනවලින් රුපියල් ලක්ෂ 25ක පමණ බද්දක් අයවනු ඇත.
ඩීසල් ත්‍රිරෝද රථ සඳහා රුපියල් 50,000ක බද්දක් අය කෙරෙනු ඇති අතර, විද්‍යුත් ත්‍රිරෝද රථ හා විද්‍යුත් බස් රථ සඳහාද බදු සහන හිමිව තිබේ. එසේම එවැනි වාහන සඳහා ණය අනුපාතය 90/10ක් බවටද පත්කර ඇත.
වාහන සඳහා කාබන් බද්දක් හඳුන්වාදී ඇති අතර,මෙම බද්ද දිනකපදනම යටතේ අයකිරීමට නියමිතය. එම බද්ද දිනකට යතුරුපැදි සඳහා ශත 17ක්, මෝටර් රථ සඳහා රුපියල් 1.78ක් සහ බස් රථ සඳහා රුපියල් 2.74ක් වෙයි.
කෑන් බීර මත අදාළ වූ නිෂ්පාදන විධි විධාන බද්ද ඉවත් කිරීමට අයවැයෙන් යෝජනා කෙරුණු අතර, සැර මත්පැන් සඳහා බදු වැඩි කර තිබේ.
පැණි රස බීම සඳහා සීනි බද්දක් හඳුන්වා දී ඇති අතර, එය ග්‍රෑමයකට ශත 50ක අගයකි.
ක්‍රීඩා සපත්තු සඳහා බදු නිදහස් කර තිබේ. මේ අතර ක්‍රීඩා, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අදහස ඇතිව මාර්ගවල ධාවනය නොකරන සංයෝජිත ක්‍රීඩා වාහන සඳහා බදු සංශෝධන ගෙන ඒමට නියමිතය.
විශ්විවිද්‍යාල ශිෂ්‍යයන් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමටත්, විශ්වවිද්‍යාලවල පහසුකම් වර්ධනය කිරීමටත් මුදල් වෙන් කර තිබිණි.
ජංගම දුරකථන කුලුනු සංඛ්‍යාව අඩු කිරීමේ ක්‍රියාවක් ලෙස එක් කුලුනකට මසකට රුපියල් ලක්ෂ 02ක ගාස්තුවක් අයකිරීමටද යෝජනා කර තිබේ.
සියලු බැංකු ගණුදෙනුවලදි ණය ආපසු ගෙවීමේ බද්දයක් ලෙස 1000කට ශත විස්සක් අය කෙරේ.
ම
ජාතික ආරක්ෂාව,තරුණ හා කාන්තා ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහාදපුහුණු පාඨමාලා සහ ණය පහසුකම් යෝජනා කර තිබේ.
තිරසාර කෘෂි සහ ධීවර ආයෝජන අවස්ථා දිරිගැන්වීම, සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරීම ඇතුළු ව්‍යාපාර ආරම්භ කිරීමට සහාය වීම, දේශීය ව්‍යවසායකයන් තුළින් ගෝලීය නායකයන් බිහිකිරීම,සංචාරක කර්මාන්තය දියුණු කිරීම, දේශීය ආයෝජන සවිබලගැන්වීම, අධ්‍යාපන හා උසස් අධ්‍යාපනය, ක්‍රීඩා, සෞඛ්‍ය, නිවාස නාගරික හා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය,සංහිඳියාව, රාජ්‍ය අංශයේ සේවා සැපයීම,ජාතික උරුමය, සංස්කෘතික හා සෞන්දර්ය, ප්‍රාග්ධන වෙළෙඳපොළ ශක්තිමත් කිරීම, නීති ප්‍රතිසංස්කරණ,සැමට සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම ආදී යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහාද අයවැයෙන් මුදල් වෙන්කර තිබිණි.
ෂෙහානි දිල්රුක්ෂිකා
වාහන ප්‍රතිපත්තිය
-
රටේ සියලුම වාහන 2040 ඛනිජ තෙල් නොවන වාහන මගින් ධාවනය කිරීමට අපේක්ෂා කෙරේ.
-
රජයේ සියලුම වාහන 2025 වන විට දෙමුහුන් හෝ විදුලි ධාවන කිරීම, විදුලි ත්‍රිරෝද රථ, බස්රථ ආනයනය කිරීම සඳහා ආයතනියක බදු අඩු කෙරේ.
-
විදුලියෙන් ධාවනය වන මෝටර් රථ සඳහා බදු රුපියල් ලක්ෂ 10 කින් අඩුවේ. සුපිරි සුඛෝපභෝගී රථවල මිල රුපියල් ලක්ෂ 25කින් වැඩි කිරීමට නියමිතයි.
-
එන්ජින් ධාරිතාව 2500 සී.සී. කට වැඩි වාහන සඳහා සුඛෝපභෝගී බද්ධක්.
-
ඩීසල් ත්‍රි‘රෝද රථ සඳහා බදු රු. 50,000කින් වැඩිකෙරේ.
-
විදුලි ත්‍රි‘රෝද රථ සඳහා ආනයන සහන සලසා දේ.
-
පවතින ත්‍රිරෝද රථ බංග්ලාදේශ වැනි රටවලට විකිණීමට ඉඩකඩ සලසා දේ.
-
ලංගම හරිතකරණයට ලක්කිරීමට අපේක්ෂා කරමින් විදුලි බස් 50ක් ඇති කිරීමට රු.මි. 500ක් වෙන් කෙරේ.
-
සූර්ය බලයෙන් ක්‍රියාත්මක Charging Station ඇතිකිරීම සඳහා පෞද්ගලික අංශයට සඳහා බලය ලබාදීමට කටයුතු කෙරේ.