කොළඹ වරායේ රේගු වාහන අංගණයේ නවතා ඇති වාහනවල පැති කණ්ණාඩි සහ වයිපර් ගලවා සොරකම් කිරීමක් සම්බන්ධයෙන් කොළඹ වරාය පොලීසිය කළ විමර්ශනයකට අනුව සැකපිට රේගු නිලධාරීන් දෙදෙනෙකු ඊයේ (13දා) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා රේගු පරීක්ෂකවරුන් වන අතර, මොවුන් ගනේමුල්ල සහ රාජගිරිය ප්රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය කියයි.