මරණ දඩුවම නියම වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති සිය පුතා ඝාතනය නොකළ බවත් එය සිදුකළේ වෙනත් දෙදෙනෙක් විසින් බවත් ඝාතනයට ලක්වූ ව්‍යාපාරික මොහොමඩ් සියාම්ගේ පියා පැවැසිය.
ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන සිද්ධියට වරදකරුවන් ලෙස නම් කරකරමින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුතා ඇතුලු 6 දෙනෙකුට මරණ දඩුවම නියම කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය කටයුතු කළේය.
මරණ දඩුවම ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව මොහොමඩ් සියාම්ගේ පියා ප්‍රකාශයක් කරමින් පැවැසුවේ වාස් ගුණවර්ධන මහතා සම්බන්ධ නොවූ බවත් ඔහු නඩුව ඇපෑලක් ඉදිරිපත් කරන්නේ නම් එහිදි සාක්ෂි දිමට කැමති බවයි.