මේ වනවිට ඇදහැළෙන වර්ෂා තත්ත්වය නිසා පොදුවේ වාරිමාර්ග ජල මූලාශ්රවල ජල මට්ටම 12%කින් ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල් සමන් වීරසිංහ මහතා සඳහන් කළේය.
මේ නිසා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය කරන ජලාශ යටතේ වී වගා කටයුතු කර තිබෙන සෑම වගාවක්ම සුරක්ෂිත බවද ඔහු පවසා සිටියේය.
වියළි කාලගුණ තත්ත්වය නිසා යම් වගා ප්රමාණයක් විනාශ වී ගියද, දැනට පවතින වගා කටයුතු අවසන් වනතෙක් නිකුත් කිරීමට තරම් ජලය තිබෙන බවද අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
වර්ෂාව ඇති වීමට පෙර වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ජල මූලාශ්ර 73 ක ප්රමාණය තුළ පොදුවේ පැවැතියේ 23% ක ජල ප්රමාණයක් පමණක් බවත්, එහෙත් මේ වනවිට එම ජල මට්ටම 35% දක්වා ඉහළ ගොස් තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.