විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් පවත්වාගෙන ගොස් කොරියාවේ රැකියා දෙන බව පවසමින් මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධව මේ වන විට පැමිණිලි 97 ක් ලැබී තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි.
සිද්ධියට සම්බන්ධ බව කියන මොහොමඩ් වසීම් හා ඔහුගේ බිරිඳ වන සිත්ති නම්ජා නිලබ්ඩීන් අද (09දා) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති අතර වෙබ් අඩවිය නිර්මාණය කළ සැකකරු වන තරංග පෙරේරා යන අය උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 50 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.
මෙම වෙබ් අඩවිය මගින් වංචා වලට හසුවී ඇත්නම් ඒ පිළිබඳව දුරකථන අංක 0112320145 ට පැමිණිලි කරන ලෙසද පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.