රණවිරු සේවා අධිකාරිය මගින් පවත්වන ලද මෝටර්ක්‍රොස් තරගාවලියට සමගාමීව යැයි සඳහන් කර රණවිරු පවුල් වෙත ව්‍යාජ ලිපි යොමු කරමින් ත්‍රිරෝද
රථයක් ජයග්‍රහණය කර ඇතැයි පවසා මුදල් ලබාගැනීමේ ජාවාරමක් පිළිබඳව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය පොලීසියට පැමිණිලි කර තිබේ.
රණවිරු අධිකාරියේ ව්‍යාජ ලිපි ශීර්ෂ යොදා සකස් කර ඇති මෙම ලිපිය මගින් දිනා ඇති ත්‍රීරෝද රථය රැගෙන යෑමට ලියාපදිංචි ගාස්තු හා රක්ෂණ ගාස්තු ඉල්ලා ඇති අතර, එම ව්‍යාජ ලිපියට නොරැවටෙන ලෙස රණවිරු අධිකාරිය රණවිරු පවුල්වලින් සහ ජනතාවගෙන් ඉල්ලා සිටී.