ලොව පැරණිතම නැවක සුන්බුන් තුර්කියේ වෙරළට ඔබ්බෙන් සොයාගෙන ඇති බව පුරාවිද්යාඥයෝ පවසති.
මීට වසර 4,400ත් 4,700ත් අතර කාලයකට, එනම් මුල් ලෝකඩ යුගයට (Early Bronze Age) අයත් මෙම නෞකාව, මහා පිරමීඩය (Great Pyramid) ඉදිවෙමින් පැවති කාල වකවානුවට ආසන්න කාලයකට අයත් බව තහවුරු වී ඇත.
නෞකාවේ දැවමය කොටස් ඉතිරිව නොතිබුණද, එය රැගෙන ගිය මැටි ගබඩා භාජන මුහුදු පතුලේ විසිරී තිබී හමුවූ අතර, පුදුමයට කරුණක් නම් ඉන් සමහරක් තවමත් ඒවායේ අඩංගුව තිබූ ද්රව්යවල නටබුන් සමග ඉතිරිව තිබීමයි.
මෙම නෞකාව සොයාගත් පුරාවිද්යාඥයන් පවසන පරිදි, මීටර් 10ක් පමණ දිගැති මෙම නෞකාව මධ්යධරණී මුහුද හරහා භාණ්ඩ ප්රවාහනය කළ වෙළඳ නෞකාවකි.
"මෙම නැව් සුන්බුන් මුහුදු පතුලේ ඇති කාල කැප්සියුලයක් (time capsule) වැනිය," යනුවෙන් මධ්යධරණී පුරාවිද්යා
සංගමයේ ගවේෂණ කණ්ඩායමට නායකත්වය දුන් තුර්කියේ අක්දෙනිස් (Akdeniz) විශ්වවිද්යාලයේ මහාචාර්ය
හකාන් ඔනිස් (Hakan Öniz) පැවසීය.


