රුපියල් පන්සීයේ ව්‍යාජ මුදල් නෝට්ටු හොර රහසේ බෙදාහැරීමට සැලසුම් තිදෙනෙක් බුත්තල පොලීසිය විසින් අද (24දා) බුත්තල නගරයේදී අත්අඩංගුවට ගත් බව බුත්තල පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවක්ද වන බවත් මෙම මුදල් ව්‍යාජ නොට්ටු තොගයේ වටිනාකම රුපියල් දෙලක්ෂ පනස්තුන් දහසක් බවත් පොලීසිය සඳහන් කරයි.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව මහගොඩයාය ප්‍රදේශයේ නිවසක් වටලා මේවා මුද්‍රණය කිරීමට යොදාගත් උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගත් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
බණ්ඩාරවෙල රවිදු දසුන්