ව්‍යාජ ලෙස සකස් කළ ඡන්ද අත්පත්‍රිකා 14,986 ක් කන්තලේ ප්‍ර‘දේශයෙනුත්, ජනතාවට බෙදා දියයුතු ඡන්ද කාඩ්පත් 188 ක් සහ අපේක්ෂකයන්ගේ නම් සහිත පත්‍රිකා 36 ක් ඌවපරණගම පොලීසිය විසිනුත් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකු විසින් කන්තලේ ඔරලෝසුකණුව හන්දිය අසල කුලියට ගෙන තිබූ කඩකාමරයක් තුළ තිබී මෙම පත්‍රිකා තොගය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
හපුතලේ ලකීලෑන්ඩ්වත්තේ පදිංචිකරුවන්ට බෙදා දිය යුතු ඡන්ද කාඩ්පත් හා නිල දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමට කටයුතු නොකර එය ලකී ලෑන්ඩ් වත්තේ සැලුනයක් තුළ සඟවා තිබියදී ඌවපරණගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, සිද්ධි දෙකටම අදාළව සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.