මෙරට ව්‍යවස්ථාව අනුව කිසිම ලෙසක විදේශිකයකුට මේ රටේ නඩු අහන්න නොහැකි බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පැවසීය. අද (11) පාර්ලිමේන්තුවේ දී අයවැය 2016 කාරකසභා අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේබව කීය.
එලෙස කිසිවකු හෝ විදෙස් රටක පුද්ගලයින් මෙරට නඩු අහනවානම් මෙරට ව්‍යවස්ථාව වෙනස්කළ යුතු බවත් රටේ පුරවැසියන්ගේ ආත්ම ගරුත්වය, කිසි ලෙසකින් හෝ නැති නොකරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශකළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය. ජාත්‍යන්තර විනිශ්චය සභාවක් හෝ ජාත්‍යන්තර පරීක්ෂණයකට ලක්කර එක එක පුද්ගලයට අදාළව දඬුවම් පැමිණවීම හෝ සම්බාධක පැමිණවීම, රටක් වශයෙන් සම්බාධක පැමිණවීම,යන තත්ත්වයෙන් අප මේ රට මුදාගෙන තිබෙනවා. එය නැහැ කියනවානම් එය අසත්‍යයක්. වගවීම පිළිබඳව යම් ක්‍රියාවලියක් කරනවා නම්, ඒ කරන්නේ අපේ රටේ ව්‍යවස්ථාව අනුවයි. අපේ රටේ නීතිය අනුව කිසිම ලෙසක කිසිම විදේශිකයකුට මේ රටේ නඩු අහන්න බෑ. අපේ රටේ ව්‍යවස්ථාව අනුව කිසිම ලෙසක විදේශිකයකුට මේ රටේ නඩු අහන්න බෑ.
එසේ කරනවා නම් මේ රටේ ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි. එහෙත් වෙනත් රටවල නීතිඥයන්,ආයතනවල සහාය අපි ලබාගන්නවා.ඊට වඩා වැඩි යමක් නෑ. අපේ ක්‍රියාවලිය ජාත්‍යන්තර ප්‍රමිතියට කළ යුතුව තිබෙනවා.අපේ පරීක්ෂණ ක්‍රියාදාමය ජාත්‍යන්තර ප්‍රමිතියට කරන්න ඕන.අපේ රටේ පුරවැසියන්ගේ ආත්ම ගරුත්වය,නැතිකරගත යුතු නෑ. අපේ ආරක්ෂක අංශවලට අල්ප මාත්‍ර අගතියක් වෙන්න ඉඩ තියන්නේ නෑ යනුවෙන් පැවසීය.