ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීම අද (18දා) සිට මාර්තු 31 වන දින දක්වා කාලය තුළ සිදුකරන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව සඳහන් කරයි.
මේ අනුව අද (18දා) සිට 22 වන දින දක්වා කාලය තුළදී කොළඹ දිස්ත්‍රික් ජනතාවගේ අදහස් ලබාගැනීම මහජන අදහස් ලබාගන්නා කමිටු කාර්යාලයේදී පැවැත්වෙන බව එම කමිටුවේ සභාපති අධිනීතීඥ ලාල් විජේනායක මහතා සඳහන් කළේය. කොළඹ 02, ස්ටෙපල් වීදියේ පිහිටි විසුම්පායේදී මෙම කටයුත්ත සිදුකෙරෙන බවත් උදේ 9.30 සිට සවස 4.30 දක්වා කාලය තුළදී තමන්ගේ අදහස් හෝ යෝජනා ඉදිරිපත් කළ හැකි බවද පවසා සිටියේය.
මීට අමතරව 20 දෙනෙකුගෙන් යුත් කමිටුව ඉදිරියේදී අනෙකුත් දිස්ත්‍රික්ක වලටත් ගොස් ජනතා අදහස් ලබාගන්නා බවත් ඒ පිළිබඳව ප්‍රසිද්ධ නිවේදන මගින් ජනතාව දැනුවත් කරන බවද සභාපතිවරයා සඳහන් කළේය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය පිළිබඳව 0112437676 දුරකථන අංක ඔස්සේ හා 0112328780 ෆැක්ස් අංකයට ෆැක්ස්පතක් එවීමෙන් හෝ [email protected] යන ඊ මේල් ලිපිනයට හා yourconstitution.lk ඔස්සේ ලබාදිය හැකිය.