(update)
ඇදහළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටම ශ්රීඝ්රයෙන් වැඩි වෙමින් පවතින අතර කැලණි ගඟ හරහා ඉදිකර ඇති කඩුවෙල පාලම බිඳියෑමේ අවදානමක් ඇති බව දැන ගැනීමෙන් අනතුරුව ඊයේ (24දා) මධ්‍යහ්නයේ යුද හමුදාවේ මැදිහත් වීමෙන් තාවකාලික පාලමක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරිණි.
මෙම පාලම දෙපස ඉවුර ඛාදනය වී පස් බැම්ම කැඩියෑමේ අවදානමක් පවතින අතර ඒ වෙනුවට යුද හමුදාවේ භට පිරිස් හා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් එක්ව තාවකාලික පාලමක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ විය.
ඒ අනුව, යුද හමුදා භට පිරිස් විශාල ලෝහ ව්‍යුහයන් භාවිත කරමින් තාවකාලික පාලමක් ඉදිකරමින් පවතින අතර හදිසි ආපදාවක් ඇති වූවහොත් ඕනෑම වාහනයක් මෙම පාලම මතින් ගමන් කිරීමේ හැකියාවද පවතී.
මේ වන විට තාවකාලිකව ඉදිකරන ලද පාලමේ වැඩ අවසන් අතර බියගම සහ කඩුවෙල පාලමේ මංතීරු දෙකම රථවාහන ධාවනයට හැකි පරිදි යථාතත්ත්වයට පත්කොට ඇති බව මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කර සිටියි.