වසර 2 ක් ඇතුළත රට තුළ පිහිටා ඇති විශාල ප්‍රමාණයේ සියලුම අපද්‍රව්‍ය අංගණ (කුණු කඳු) ඉවත් කිරීමට සැලැස්මක් සකසා තිබෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති රංජිත් මීගස්වත්තේ මහතා අද (15දා) පැවසීය.
ගාලු මුවදොර පිටියේදී සැප්තැම්බර් 19 වැනිදා පෙරවරු 7.00 ට ආරම්භ කිරීමට නියමිත වෙරළ පිරිසුදු කිරීමේ ජාතික වැඩසටහන පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් නියෝගයක් ලැබී ඇති බවත්, විවිධ ක්‍රම මගින් අවශ්‍ය ඉලක්කයට යෑමට බලාපොරොත්තු වන බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.