සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක පාකිස්තානු කණ්ඩායම අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැන් අවසන් වූ දෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලු 09 ක ජයක් ලබාගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. වසර 9කට පසුව පාකිස්තානු කණ්ඩායමකට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමක් රටෙන් පිටතදී ලබාගත් පළමු ටෙස්ට් ජයග්‍රහණය මෙයයි.තරගයේ වීරයා ලෙස මහේල ජයවර්ධන සම්මාන ලැබීය. ශ්‍රී ලංකා කණ්ඩායම මීට ඉහතදී 2004 වසරේ ඔක්තෝබර් මස පාකිස්තානයේ ෆයිසලාබාද්හි පැවති තරගයකින් පාකිස්තායට එරෙහිව ටෙස්ට් තරග ජයක් ලැබීය .