වසර 35 කට පසුව නිවිතිගල සමුපකාර සමිතියේ බලය එක්සත් ජාතික පක්ෂයට අද (30දා) හිමිවිය.
අද පැවැති ඡන්ද විමසීමේදී සභාපති ලෙස එඩ්වඩ් වීරසේකර මහතාද, උපසභාපති ධුරයට අජිත් කුමාර නාවලගේ මහතාද පත්වූහ.
මෙම ජයග්රහණය හරහා රත්නපුර දිස්ත්රික්කයේ සියලුම සමුපකාර සමිතිවල බලය එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමට හිමිවනු ඇතැයි නව සභාපතිවරයා සඳහන් කළේය.