පසුගිය වසර තිහක කාලය තුළ විවිධ අවස්ථාවලදී රට තුළ පැවැති අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් සහ ඒවායේ අතුරු ප්‍රතිඵල ලෙස සිදුව ඇති පුද්ගල මියයෑම්/ අතුරුදන්වීම්, ආබාධවලට,තුවාලවලට ලක්වීම් සහ දේපළ හානිවීම් පිළිබඳ තොරතුරු රුස්කිරීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එක්ව ඊයේ (28) සංගණනයක් ආරම්භ කෙරිණි.
1982 වර්ෂය හා ඉන්පසු රට තුළ විවිධ කාලවකවානුවලදී පැවැති ත්‍රස්තවාදී ගැටුම්, දේශපාලන ගැටුම් හා වෙනත් ගැටුම්වල අතුරුඵල ලෙස ඇතිවූ බෝම්බ පිපිරීම්, පැහැරගෙන යාම්, ගිනිතැබීම්, පහරදීම්, වෙඩි තැබීම් ආදිය පිළිබඳව මෙහිදී තොරතුරු රැස්කෙරේ.
'ගැටුම් හේතුවෙන් මියගිය/තුවාල ලැබූ පුද්ගලයන් හා දේපළ හානි පිළිබඳ සංගණනය 2013' ලෙස එය නම්කර තිබේ.
උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමේ (LLRC) නිර්දේශවලට අනුව ගැටුම් හේතුවෙන් සිදුවූ මරණ, තුවාල ලැබීම්, ආබාධිත තත්ත්වයට පත්වීම් හා දේපළ හානි පිළිබඳ තොරතුරු රැස්කිරීමට විද්‍යාත්මක සංගණනයක් සිදුකරන ලෙසත්, අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු රැස්කිරීමේ ක්‍රමවේදයක් සකස්කරන ලෙසත් යෝජනා වී තිබිණි.
දිවයිනේ සෑම නිවසක්ම ආවරණය වන පරිදි සිදුකරන මෙම සංගණනයට පැමිණෙන නිලධාරීන්ගේ පහසුව සඳහා එයට අදාළව තමන් සතුව ඇති සියලු ලිපිලේඛන ඉදිරිපත් කරන ලෙස ජනලේඛන හා සංඛ්‍යාලේඛන අධ්යක්ෂ ජනරාල් ඩී.සී.ඒ. ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.