වසර 24කට පසුව මවුපියන් හමුවීමට පැමිණෙයි
මීට වසර 24කට පෙර නෙදර්ලන්ත මවක් දරුකමට හදාගැනීමට ලංකාවෙන් රැගෙන ගිය දැරියක ලොකු මහත්වීමෙන් පසු ඇයට සිය සැබෑ මවුපියන් මුණගැස්වීම සඳහා එම නෙදර්ලන්ත මව සිය දියණියද සමග පෙරේදා (26දා) ගාල්ල තවලම ගම්පියසට පැමිණියේය.
මෙහිදී හොරණ ගෝවින්න ප්‍රදේශයේ පදිංචි සංචාරක මග පෙන්වන්නෙකු වන ආර්.එම්.දේශප්‍රිය මහතාගේ මැදිහත්වීමෙන් වසර 24කට පසු දියණියක තම සැබෑ මවුපියන් දැකගත්තාය.
නෙදර්ලන්තයේ කුඩා වෛද්‍ය රසායනාගාරයක් පවත්වාගෙන යන නෙදර්ලන්ත ජාතික බැකර් ෆිම්කේ මහත්මිය තමන්ට දරුවන් නොමැති නිසා මීට වසර විසි හතරකට පෙර ලංකාවට පැමිණ දරුකමට හදා ගැනීම සඳහා කුඩා දැරියක් රැගෙන ගොස් ඇති අතර, ඒ වනවිට දැරියගේ වයස යන්තම් මාස 07ක් වුවා පමණි.
එදා රත්නායක මුදියන්සේලාගේ නදීකා ලෙස හැඳින් වූ ඇගේ වර්තමාන නම නෙස්ටමාන් නදීකාය. දැන් ඇය විසිහතර වියැති සුරූපී යුවතියකි. පාසල් අධ්‍යාපනයෙන් පසුව හෝටල් කළමනාකරණ ක්ෂේත්රයේ රැකියාවක නියුතුව සිටින ඇයට සිංහල බස හැසිරවීමට නොහැකි අතර, තමාගේම සංචාරක හෝටලයක් ආරම්භ කිරීම තම අභිලාශය බවද ඇය පැවසුවාය.
රවීන්ද්‍ර ශ්‍රීලාල්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



