වසර 202කට පසු මඟුල් මඩුවේදී සිදුකරන අත්සන් තැබීම
ඌව වෙල්ලස්ස කැරැල්ලට සම්බන්ධවූ සිංහල,දෙමළ හා මුස්ලිම් විරුවන්ගේ රාජද්‍රෝහී ලේබලය ගලවා ඔවුන් දේශප්‍රේමීන් ලෙස නම් කිරීමේ ලියවිල්ලට මාර්තු 01 වැනිදා ජනාධිපතිවරයා විසින් මහනුවර මඟුල් මඩුවේදී අත්සන් කිරිමට නියමිත බව පාර්ලිමේනුත් කටයුතු සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
1815 මාර්තු මස 02වැනිදා විසින් ඓතිහාසික උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසු වසර 202කට පසු ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මඟුල් මඩුවේදී මෙම අත්සන් තැබීම සිදුවෙයි. එහිදී ඔවුන් ජාතික වීරයන් බවට පත්කිරීමේ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ එම රාජ්‍ය උත්සවයේ සංවිධාන කටයුතු සාකච්ඡා කිරීම නිමිත්තෙන් අද (13දා) ශ්‍රී දළදා මාලිගාවේ රන් ආයුධ මණ්ඩපයේ පැවැති සාකච්ඡාවකදීය.
ජනාධිපතිවරයාගේ අත්සන් තැබීම සඳහා එදා උඩරට ගිවිසුම අත්සන් කිරීමට ඉංග්‍රීසී පාලකයන් යොදාගත් මේසය හා පුටුවම යොදාගැනීමටද සංවිධායකයන්ගේ අවධානය යොමුව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

